Thursday, August 15, 2013

මං මෙච්චර ආදරෙ කරන එක දවසක ඔයාට දරාගන්න බැරි වෙයි... ඒ තරම් ලොකු ආදරයක් මේ හිතේ ඔයා වෙනුවෙන් හැංගිලා තියනවා... ඔයාට මේ ආදරෙ තෙරුම් ගන්න අමාරුයි කියලා මං දන්නවා... හිතන්න එපා මගෙ ආදරෙ ඔයාට බර වැඩි වෙයි.
මේ හිතට ගොඩක් දුකයි ගොඩාක් පාළුයි... ඔය ලග නැති එක විනාඩියක් මට කල්පයක් වගෙ... ඔය ලගට වෙලා තව එක දවසක් ඉන්න තියනව නම් මේ තනිකම නැති වෙයි කියල මං හිතනවා.
මං ඔයාගෙන් ඇත් වෙලා හිටියට කවදාවත් අමතක කරලා නෑ... හැමදාමත් දුර ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා... ඔයා මගෙ ලගින් ඉන්නකම් මං ඔයාව සතුටින් තිබ්බා මං ලග නැතත් ඔයා කාත් එක්ක හරි සතුටින් ඉන්නව නම් මට ඒ තරම් වෙන සතුටක් නැති ගානයි... ඒ හැමොම ඔයාගෙ ජිවිතෙට ඇවිත් ආපහු ඔයාව අමතක කරලා දාලා කවිරු ගියත්... හැමදාමත් වගෙ වෙනස් නොවි මං ඔයා ලගින්ම ඉන්නවා... ඔයා ආපහු තනිවුන දවසක මං ලගට එන්න... කවුරු අමතක කරත් මං ඔයාව අමතක කරන්නෑ...
මට කියන්න මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ... ඇයි දන්නවද එහෙම අහන්නෙ... ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි හිතෙන්නෙ හරියට මං ජීවත් නොවෙනවා කියලයි... හරි ඉක්මනට... මටත්... ජීවිතේ හැඩ බලන්න ආසයි තනියම නෙමෙයි... ඔයා එක්ක..
රිදවනා ජිවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරෙ හෙව්වා... නොහැගෙනා මගෙ ජිවිතේ කියලා හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා... එනතුරා නුබ මග බලන් හිටියා තනි වෙලා හිත පරිස්සම් කරලා... මේ වගෙ නම් නෑ ඉතින් මං කල්පනා කරලා... නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා... හෙමි හෙමින් හීත ඉල්ලනා නොනිවෙනා හුස්මකින් ලග ‍රැදුනා...
මට ඔයාව ඔනෙ... එ ඇයි දන්නවද... අනික් අය මට ආදරෙ කරද්දි ඔයා විතරක් මට ආදරෙ නැති හින්දා... කවුරු මට ආදරෙ කරත්... ඔයාගෙන් නොලැබෙන ආදරෙට මං මහ හුගක් ආදරෙයි... ඔයාව නැති වෙනවට මං මහ හුගක් ලොබයි... ඔයාට මං වගෙ කෙනෙක්වත්... මට ඔයා වගෙ කෙනෙක්වත් කවදාවත් ලැබෙන් නැති හින්දා...
ඔයා හදාගත්ත හිත සතුටින් නම් මාත් එක්ක හිටියටත් වඩා... ජිවිතේ මං දකින සුන්දරම දේ. ඒක කියලා ඔයා දන්නවද...
නුබ ලග මගෙ මගෙ හිත ‍රැදුනහම දින දින දැන් ගෙව්නාට... පන නල වගෙ ඔබ ලග මගෙ මගෙ හිත ‍රැදුනාම... පෙර වාගෙ හවසක හැකි උනොත් දවසක හමුවෙලා ලංවෙලා... ඉන්නට දවසම ලංවිලා ඔබ ලග ඔබ ලග දැවටිලා... ඔබ නොමැති දවසක හෙට ඇවිත් කුමටද වැලපිලා වෙන්වෙලා. බොරුවට කුමටද දුක් විලා නුපන් හෙට දින ගැන සිතලා...
ජිවිතෙට හින ගොඩක් ගෙනල්ලා ඔයා එ හැම එකක්ම එකින් එක මගෙන් උදුරගද්දි දාරාගන්න බැරි දුකක් දැනුනා... එත් මං ඔයාට දිපු මහමෙරක් ආදරෙ ආපහු මං ඉල්ලන් නෑ... එ තරම් ආදරයක් කගෙන්වත් ඔයාට ලැබෙන් නැති හින්දා මං දිපු ආදරෙත් ඔයා අරං සතුටින් ඉන්න...
හීන මල් මං මැව්වා හරි ආදරෙන් ඔබ ලගම දැවටි ඉන්නට ආදරෙන්... ඔබ නමින් කිව් ආදර ගී අහස තරම් පපු තුරුලෙ තියාන ඉන්නම් ඔබේ නමින්... ගෙයි කව්ලු පියන් මතින් පිනි පලස මතින් ඉඩ ලතොත් සුලගක් වී ඔබ ලගට ඇවිත්... සිනිදුවට ඔබේ නලල මත දෙතොල් තියන් සගවමි මගෙ ආදරෙ අහස තරම්...
මගෙ ජිවිතේ ලැබෙන දෙවල් වලට වඩා නොලැබෙන දෙවල් ගොඩයි... මොන දෙවල් ලැබුනත් එකම එක දෙයක් කවදාවත් ලැබෙන් නෑ කියල මං දන්නවා... එ ඔයාව ඔයාගෙ ආදරේ... මට ඔයාව නොලැබුනත් ඔයාට ඔයාගෙ ජිවිතේ ඔයාගෙ ආදරේ ලබාගන්න මං උදවු කරනවා... මට ඔයා වෙනුවෙන් ඒ කැප කිරිම කරන පුළුවන්... ඔයා සතුටින් නම් මට ඒ ඇති.. ජිවිත කාලෙටම ඔයා සතුටින් තියනම්...